ලොව ශ්‍රේෂ්ඨ කිමිදුම්කාරිය අතුරුදහන්


1,450 Views

ලෝකයේ ශ්‍රේෂ්ඨ කිමිදුම්කාරිය ලෙස අර්ථ දැක්වෙන රුසියානු ජාතික 53 හැවිරිදි නටාලියා මොල්චානෝවා මධ්‍යධරණී මුහුදේ පිහිටි ඉබීසා දූපතට අයත් මුහුදේ කිමිදෙමින් සිටින විට අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.

පසුගිය ඉරිදා දිනයේදි ඇය මෙම අනතුරට මුහුණ පා තිබේ.

ඇය කිමිදීමෙන් පසුව නැවතත් මතුපිටට පැමිණීමට අපොහොසත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇයව සෙවීමේ මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඊයේ වෙන විටත් ඇය සම්බන්ධයෙන් කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට නොහැකි වී තිබේ.

ඇය කිමිදුම්වාර්තා 41ක් පිහිටුවා තිබෙන අතර 23 වතාවක් ලෝක නිදහස් කිමිදුන් ශූරතාව ජයග්‍රහණය කර තිබේ.



Make a Comment
Make a Comment