සල්මන් සමග කික් නැටුමෙන් නාගීස් අසරණ වෙි


968 Views

සුපිරි නළු සලමන් ඛාන් රඟන නවතම චිත්‍රපටයෙහි එන නර්තන අංගයකට සහභාහී වූ බොලිවුඩ් සුරූපිනී නාගීස් ෆක්‍රී නර්තනය අවසාන වනවිට ආබාධ කිහිපයකට ලක්ව තිබූ බව වාර්තා වේ.

NDTVපුවත් සේවය වාර්තා කරන ආකාරයට  එම නර්තන්යේ යෙදෙන විට ඇය දණහිසෙහි, කලවා ප්‍රදේශයෙහි සහ කොන්දෙහි ආබාධ කිහිපයකටම ලක්ව තිබේ.

කෙසේවෙතත්, සිය නර්තන අත්දැකීම පිළිබඳ අදහස් දක්වමින් නාගීස් පවසා ඇත්තේ අහමද් ඛාන්ගේ ( චිත්‍රපටයේ නර්තන නිර්මාණ ශිල්පයා) නර්තන  නිර්මාණය තුල වූ පෙළඹවීම නිසාම ඇය කෙසේ හෝ නර්තනයේ යෙදුනු බවයි.

ඇය 'කික්' චිත්‍රපටයේ නර්තන අංගයකට මෙලෙස දායක වී ඇති අතර එම ගීතය නම් කොට ඇත්තේ 'ඩෙවිල්' (යක්ෂයා) ලෙසයි.

ඇය හා එම ගීතයට සල්මන් ඛාන්ද නර්තනයේන් එක්ව ඇති අතර එම ගීතය ගායනා කරන්නේ යෝ යෝ හනී සිං විසිනි.

කික් චිත්‍රපටය සාජිඩ් නඩියාවාලගේ අධ්‍යක්ෂණයකි.

Make a Comment
Make a Comment

  Related News