රළ මත ලිස්සා යාමේ ශූරයෙකුට මොරෙකුගෙන් ප්‍රහාරයක්


1,389 Views

ලෝ ප්‍රකට රළ මත ලිස්සා යාමේ ක්‍රීඩකයෙකු වන  මයික් ෆැනින් පසුගියදා සිය ජීවිතය ක්ෂණික ක්‍රීයාකාරීත්වය නිසාවෙන් බේරා ගැනීමට සමත් විය.
ඒ දකුණු අප්‍රිකාවේ පැවති තරඟයකදී මෝරෙකුගේ ප්‍රහාරයකිනුයි.

මොහු මෙම මෝරාගේ ප්‍රහාරයට ලක් වන විට ජේ බේ විවෘත තරගාවලියට සහභාගී වෙමින් සිට ඇති අතර ඔහු මෙම අනතුරට ලක් වු වහාම බෝට්ටු හා අධිවේගී යාත්‍රා පැමිණ ඔහු ගොඩබිමට රැගෙන ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුව මාධ්‍ය හා අදහස් දක්වමින් මයික් පවසා ඇත්තේ තමන් ජීවිතයේ මුහුණදුන් භයානකම සිදුවීම මෙය බවයි.

එම මොහොතේ දැනුනේ මෝරා විසින් තමන් මුහුදු පතුල වෙත ඇදගෙන යන බව ඔහු වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇත.  
මොහු රළ මත ලිස්සා යන ක්‍රීඩාවේ ශූරතාව තෙවරක් හිමි කර ගෙන තිබීමද විශේෂත්වයකි.

Make a Comment
Make a Comment