අටවැනි ගැහැණිය දාස මල්ලිව හදා ගනියි


984 Views

2004 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය, සහාය නිළිය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හතකින් පිදුම් ලැබූ රුවන් මලිත් පීරිස්ගේ 'දාස මල්ලිගේ බංගලාව' නාට්‍යය ලබන 23 සහ 24යන දෙදින තුළ සවස 7.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වසර දහයකට පසු නැවත වේදිකාගතවීමට නියමිතය. රුවන් මලිත් පීරීස්ගේ සහ කළණ ගුණසේකරගේ අධ්‍යක්ෂණයෙන් රංගගත වන මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජයන්ත මුතුතන්ත්‍රි, ධර්මප්‍රිය ඩයස්, නිල්මිණි බුවනෙක, රවිනි අනුරාධා සහ හේමන්ත ඊරියගම සෙසු චරිත නිරූපණය කරති.

"මේක දාසගේ මුඩුක්කුව. දාස කියන්නෙ මාළු වෙළෙන්ඳෙක්. හැබැයි ඔහු ජීවත් වෙන්නෙ බිරින්ඳෑවරුන් අටදෙනෙක් සමග. දාසියන් වගේ තමයි ඔවුන් මේ මුඩුක්කුවෙ ජීවත් වෙන්නෙ. ඔවුන්ට නිවසින් එළියට යාම පවා තහනම්. ඒත් දාසට මේක රජ දහනක්. ඔහුට හැමදාම රෑ හතට කෑම ලෑස්ති වෙන්න ඕනේ. කෑම කාලා ඉවර වුණාම සලීම් බාවා එක්ක එකතු වෙලා ඩොල්කි ගහලා සින්දු කියන්න ඕනේ. ඉන්පස්සෙ නිදාගන්න යනකොට කකුල් මිරිකන්න ඕනේ. ඒක තමයි දාසගේ දින චර්යාව. ඒත් ඔහු ලබාගන්නා අටවැනි ගැහැනිය වන ලිච්ඡමි ඔහුව වෙනස් කරනවා. ඒ අනුව කිසිදිනෙක වෙනස් කළ නොහැකි දාස, ටිකෙන් ටික වෙනස් වෙනවා. ඒත් ඉන්පස්සෙ සිදුවෙන්නෙ අනපේක්ෂිත සිදුවීම් පෙළක්. ඒක දැනගන්න නම් නාට්‍යය නරඹන්නම වෙනවා"  (රුවන් මලිත් පීරිස්)
                                  

Make a Comment
Make a Comment

  Related News