දීපිකාගේ සැගවුණු වීඩීයෝව


4,408 Views

කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේදී වෝග් ආයතනය විසින් නිෂ්පාදනය කෙරුණු වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

විනාඩි 2 කුත් තත්පර 34ක් පුරාවට දිවෙන වෝග් ආයතනය ආරම්භ කරන ලද කාන්තාවන් බලාත්මක කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම වීඩියෝව කොක්ටේල් සහ ෆයින්ඩින්ග් ෆැනී යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ හොමී අද්ජානියා විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර එය නිෂ්පාදනය කර ඇත්තේ දිනේෂ් විජාන් විසිනි.

බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් හා මුම්බායි නුවර වෙසෙන තවත් කාන්තාවන් 98 දෙනෙක්ගේ සහභාගීත්වයෙන් නිර්මාණය කර ඇති මෙම වීඩියෝව පුරා දැක්වෙන්නේ කාන්තාවකට කැමති ඕනෑ ම දෙයක් කිරීම සඳහා නිදහසක් ඇති බව ය.

එම වීඩියෝවේ “සිංහල” අරුත පහතින් වේ.

   මගේ ශරීරය, මගේ මනස, මගේ තීරණය
    මගේ ආත්මය නිරුවතින් රවුම් ගැහුවත් මට කැමති ඇඳුම් අඳින්න
    මගේ සයිස් එක 0 ද, නැත්නම් 15 ද කියන එක මගේ තීරණය
    එත් ඒගොල්ලෝ ගාව මගේ ආත්මේ සයිස් එක නැහැ, ඒක මනින්නත් බැරි වෙයි
    කපු රෙද්දෙන්, සිල්ක් රෙද්දෙන් මගේ ආත්මය වෙලලා මේ විශ්වයේ පැතිරීම මෙපමණයි කියා ඔබට හිරකරන්න පුළුවන්
    ඒක හරියට ඉර එලිය ඔබේ අතින් වහගත්තා වගේ
    ඔබේ මනස කූඩු කරලා, ඒකට නිදහසේ ඉන්න දෙන්න
    මගේ ශරීරය
    ඒක ඒ ලෙසින් තිබුනාවේ.
    මගේ කැමැත්ත
    විවාහ වෙන්න එහෙමත් නැත්නම් විවාහ නොවී සිටින්න
    විවාහයට කලින් ලිංගික ඇසුර ලබන්න, විවාහයෙන් පස්සේ ලිංගික ඇසුර ලබන්න, එහෙමත් නැත්නම් කවදාවත්ම ලිංගික ඇසුරක් නොලබන්න
    මගේ කැමැත්ත
    තාවකාලිකව ආදරය කරන්න එහෙමත් නැත්නම් සදාකාලිකව කාමුකව ඉන්න
    මගේ කැමැත්ත
    මිනිසෙක්ට ආදරය කරන්න, ගැහැණියෙක්ට ආදරය කරන්න එහෙමත් නැත්නම් දෙදෙනාටම ආදරය කරන්න
    මතක තබාගන්න, ඔබ මගේ තේරීමයි. මම ඔබගේ වරප්‍රසාදයක් නොවේ
    මගේ නළලේ තියන තිලකය, මගේ ඇඟිල්ලේ පළඳින මුදුව, ඔබගේ වාසගම මගේ නමට එක්කිරීම, ඒවා සේරම ආබරණ පමණයි. ඒවා වෙනස් කළ හැකියි.
    මම ඔබට ඇති ආදරය මනින්න බැහැ
    ඒක නිසා මතක තබාගන්න
    එක මගේ කැමැත්ත – මම කැමති වෙලාවට ගෙදර එන්න
    මම හවස 4ට ගෙදර ආවේ නැත්නම් විස්සෝප වෙන්න එපා
    මම හවස 6ට ගෙදර ආවේ නැත්නම් පිස්සෙක් වෙන්න එපා
    මගේ කැමැත්ත – ළමයෙක් වැදීම හෝ එසේ නොකර සිටීම
    ඔබව බිලියන හතක් වූ තේරීම් අතුරින් තෝරාගන්න
    ඒකනිසා ආඩම්බර වෙන්න එපා..
    මගේ සතුට ඔබේ දුක විය හැකියි…
    මගේ ගීත ඔබට අමිහිරි විය හැකියි…
    මගේ අණ – ඔබේ අරාජිකත්වය
    ඔබේ පව් – මගේ ගුණදම්
    මගේ කැමැත්ත හරියට මගේ ඇඟිලි සලකුණු වගෙයි..
    ඒවා මාව සුවිශේෂී පුද්ගලයෙක් බවට පත්කරනවා
    මම වනාන්තරයේ ගසක්
    මම හිම කැටයක් – හිම පතනයක් නොවේ
    ඔබයි හිම කැටය
    නැගිටින්න!!!
    ඔය ජරා කුණාටුවෙන් එලියට එන්න
    මම උපේක්ෂාසහගතව ඉන්නම් – වෙනස් වෙන්නම්
    මමයි මේ විශ්වය – හැම දිසාවෙන්ම අනන්තය
    මෙයයි මගේ තේරීම

rn

rnrn

Make a Comment
Make a Comment