ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපතිව නිදහස් කරයි


110 Views

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට එල්ලවූ චෝදනාවලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිදහස් කිරිමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා.

ඒ අනුව අධිකරණය භාරයේ පැවති ජනාධිපතිවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය මුදාහරින ලෙසට නියෝග කළ විනිසුරු මඩුල්ල විදෙස් ගමන් වැළැක්වීමේ තහනමද ඉවත් කරනු ලැබුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සනත් විජේවර්ධන ඉදිරිපත් කළ මෝසමකට අනුව ජනාධිපති නීතීඥ අලි සබ්රි අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ විධායක ජනාධිපතිවරයෙකුට අපරාධ හෝ සිවිල් නඩුවක් පවරා පවත්වාගෙන යෑමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හැකියාවක් නොමැති බවයි.  

ඒ අනුව මෙම නඩුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිදහස් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මොහු වෙනුවෙන් පෙනී සිටි ඇපකරුවන් සහ ඔවුන්ගේ ඇප මුදල්ද නිදහස් කරන ලෙසට නියෝග කළා.

Make a Comment
Make a Comment