යතුරුපැදියක වන අලියෙකු ගැටී සිදුවූ අනතුරකින් කුඩා දැරියක ජීවිතක්ෂයට


80 Views

මහඔය - අරලගංවිල මාර්ගයේ යතුරුපැදියක වන අලියෙකු ගැටී සිදුවූ අනතුරකින් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාදුරුඔය ජලාශය දෙසට දිවෙන මංසන්ධියේ සිට අරගංවිල දෙසට ධාවනය වූ යතුරුපැදියේ මාර්ගය හරහා ගමන් කළ වන අලියෙකු ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුවූ බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් යතුරුපැදියේ ගමන් ගත් පැදිකරු සහ කුඩා දැරිය බරපතල තුවාල ලබා මහඔය රෝහලට ඇතුළත් කරනු ලැබුවා. එහිදී 8 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.

Make a Comment
Make a Comment

  Related News