ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාපයේ, ප්‍රතිසංවිධානය යළි කරළියට


297 Views

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ පරාජයත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් මේ වන විට යළි කතාබහක් ඇරඹී තිබෙනවා.

ඊයේ එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවති අතර ඊට සහභාගිවීමට පෙර ද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණා.

ඊයේ පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී නව ජනාධිපතිවරයා වෙත ආණ්ඩුව භාරදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. කෙසේ වෙතත්, ඊට එක්වූ තවත් නියෝජිතයින් එම අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් පළ කළා.

Make a Comment
Make a Comment

  Related News