ව්‍යාජ දහසේ නෝට්ටුවක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට


65 Views

නිකවැරටිය - කොබෙයිගනේ - සුබසෙතගම ප්‍රදේශයේ දී රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් ඊයේ පස්වරුවේ ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලකට ගොස් එම ව්‍යාජ මුදල් නෝට්ටුව ලබාදීමේදී එහි කළමනාකරු පොලීසියට දැනුම් දී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 40 සහ 41 හැවිරිදි මිරිහානේගම - වෙළව හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Make a Comment
Make a Comment

  Related News