2019 ජනපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂට විශිෂ්ඨ ජයක් - අවසන් ප්‍රතිඵලය මෙන්න


106 Views

2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ සමස්ථ ප්‍රතිඵලය මේවන විට නිකුත්කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීයි එහි සභාපති මහින්ද දේශප්‍රිය විසින් සමස්ත ප්‍රතිඵලය නිකුත් කරනු ලැබුවේ.

ඒ අනුව ඡන්ද 6,924,255ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරනු ලැබුවා.

ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය 52.25ක්.

සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 5,564,239ක් ලබා ගත් අතර එහි ප්‍රතිශතය 41.99ක්.

අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 418,553ක් ලබා ගනිමින් 3.16ක ප්‍රතිශතයකට හිමිකම් කියනවා.

Make a Comment
Make a Comment

  Related News