ගිනිගත්හේන වෙඩි තැබීමේ සිද්ධියේ පොලිස් නිලධාරීන් දෙදෙනා යළි රිමාන්ඩ්


77 Views

ගිනිගත්හේන - පොල්පිටිය ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද හැටන් මහේස්ත්‍රාත් ජේ. ස්ට්‍රොස්කි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ද ඉදිරිපත් කෙරුණා. පසුගිය 06 වන දා රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ගමන්ගත් රථයකට පිරිසක් බාධා කළ අවස්ථාවේදී පිටුපසින් පැමිණි රථයේ සිටි ආරක්ෂක නිලධාරීන් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

සිද්ධියෙන් තරුණයන් දෙදෙනෙකු තුවාල ලැබුවා.

Make a Comment
Make a Comment

  Related News