දෙපානමදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට 10ක් අත්අඩංගුවට


91 Views

පන්නිපිටිය - දෙපානම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිට දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලූයම මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ 18 හැවිරිදි දෙපානම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන අතර, අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පන්නිපිටිය - පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ප්‍රේම සබඳතාවක් මුල් කර ගනිමින් මෙම ඝාතනය සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

Make a Comment
Make a Comment