අගමැති ජනාධිපති කොමිසමට පැමිණෙයි


64 Views

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ 2015 - 2018 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.

ඒ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි.

පෙරවරු 10.30 ට පමණ අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිටි බවයි එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.

Make a Comment
Make a Comment