වැසි සහිත කාලගුණය තවදුරටත්


89 Views

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් ගිගුරුම් සහිත වැසි සහිත කාලගුණ තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, අද පස්වරු 1 න් පසු  මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත්, කළුතර, මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ක තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12 ක පුද්ගලයින් 11,394 ක් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ රාජාංගනය, තබ්බෝව සහ දැදුරු ඔය ජලාශවල වාන් දොරටු ද තවදුරටත් විවෘතව පවතින බවයි. 

Make a Comment
Make a Comment