මුලතිව් ධීවර කාර්යාලයට පහරදීම සම්බන්ධයෙන් නඩුව කල් යයි


58 Views

මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට පහර දී එහි තිබූ දේපළ වලට හානි කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන හිටපු මන්ත්‍රී ටී. රවිහරන් ඇතුළු 7 දෙනාට එරෙහි නඩුව කල් දමා තිබෙනවා.

ඊයේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදී මුලතිව් මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් නියෝග කළේ ලබන මස 4 වන දා නඩුව යළි කැදවීමටයි.

2018 වසරේ අගෝස්තු මස 2 වන දා මුලතිව් ධීවර නිලධාරීන්ට එරෙහිව පැවති උද්ඝෝෂණයකදී හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස බලහත්කාරයෙන් මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට කඩා වැදීමට උත්සාහ කර තිබුණා.

එම අවස්ථාවේදී පොලීසිය ඊට අවසර ලබා නොදීම නිසා ඔවුන් එම කාර්යාලයේ පිහිටි ගොඩනැගිල්ලට පහර දී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙනුයි මෙම නඩුව පවරා ඇත්තේ.

Make a Comment
Make a Comment