ගිනි අවි දෙකක් සමඟ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට


73 Views

මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ තරුණයන් දෙදෙනෙකු දඹුල්ල - ඉහළ අරව්වල ප්‍රදේශයේදී පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල්වලට දඩමස් සැපයීම සඳහා වන සතුන් දඩයම් කිරීමට මෙම ගිනි අවි යොදාගෙන ඇති බවටයි සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

19 හැවිරිදි සහ 27 හැවිරිදි සැකකරුවන් දෙදෙනා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Make a Comment
Make a Comment