කිලිනොච්චියේදි සිදුවූ අනතුරකින් අයෙක් මරුට - හතරකට තුවාල


66 Views

කිලිනොච්චිය පොලීසිය ආසන්නයේදී වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් හතරදෙනෙකු තුවාල ලැබුවා.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ යාපනය - වාසවිලාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරෙන් පසුව ටිපර් රථයේ රියදුරුට ප්‍රදේශවාසීන් පහරදීමටද උත්සාහ කර ඇති අතර, පොලීසිය මැදිහත්ව තත්ත්වය පාලනය කර ඇති බවයි වාර්තාවන්නේ.

Make a Comment
Make a Comment

  Related News