තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කෙරේ


74 Views

යාපනය - කොන්ඩාවිල් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී තුන්දරු මවක් ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ 61 හැවිරිදි මෙම කාන්තාව නිවසෙහි තනිව සිටින අවස්ථාවේදී ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

ඝාතනය සිදුකළ ස්ථානයේ තිබී ඇයට පහරදීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන පොරවක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

Make a Comment
Make a Comment

  Related News