ජනපති ජපානයට


66 Views

ජපානයේ අධිරාජ්‍යයා ලෙස පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය වෙනුවෙන් සහභාගි වීමට ජපානයෙන් ලද නිළ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තුන් දින නිල සංචාරයක් සඳහා අද දිවයිනෙන් පිටත්ව ගියා.

අලුයම 1.10ට තායි ගුවන් සේවයට අයත් ටී.ජී. 308 දරණ යානයෙන් ජනාධිපතිවරයා ඇතුලු 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම සංචාරය සඳහා පිටත්ව ගිය බවයි කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

ජපාන නව අධිරාජ්‍යාගේ අභිෂේක මංගල්‍යයට, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් සහභාගි වනු ඇති. එය ටෝකියෝ හි ඉම්පීරියල් රජ මාළිගයේදී හෙට පැවැත්වෙන අතර, ජපාන අධිරාජ්‍යයා විසින් පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද රාජ්‍ය නායකයින් එක්වීමට නියමිතයි.

Make a Comment
Make a Comment