කැලි කසල කියන්නේ සම්පතක්.මෙවැනි බලාගාර මීට වසර 20 කට 30 කට පෙර ඉදි වීමට තිබුණත්, මීට පෙර සිටි රජයවල් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර නැහැ


129 Views

කැළි කසල ගැටළුවට විසදුමක් ලබා දෙමින් ලංකාවේ පළමු වරට ඝණ අපද්‍රව්‍ය තුළින් විදුලිය උත්පාදනය කිරීමේ waste to energy විදුලි බලාගාරය ඉදිකිරීම් ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක් කොළඹ පුරපති රෝසී සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු විය.

එහිදී අදහස් දැක්වූ නගරාධිපතිනිය,

කොළඹ නගර සභා සීමාව තුළ කැලි කසල වලින් පීඩාවට පත්වන ජනතාවට ඉතාමත් ඵලදායී සාර්ථක විසදුමක් ලබා දීමටwaste to energy ව්‍යාපෘතිය මඟින් හැකි වෙනවා. මේ රටේ විශාල ප්‍රශ්නයක්ව පවතින කැලි කසල ගැටලුවට නගර සභාව තුළින් විශාල මුදලක් වැය කරනවා. waste to energy ව්‍යාපෘතිය තුළින් ඉදිරියේදී කැලි කසල වලට වැය කරන මුදල ඉතිරි කරගෙන රටේ බදු ගෙවන අහිංසක ජනතාවට අවශ්‍ය කරන ප්‍රතිලාභ ලබා දීමට අපි සැලසුම් සකස් කරමින් සිටිනවා.

පසුගිය සමයේ කොළඹ නගරයේ එකතු වූ කුණු අරුවක්කාලු වලට බැහැර කිරීමට යාමේදී විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදු වූණා. විශේෂයෙන් කසල ගෙන යාමේදී ජනතාව වගේම, ප්‍රාදේශීය සභාවල් වලින් විවිධ බලපෑම් එල්ල වුණා. ඒ සියල්ලක්ටම සාර්ථක විසදුමක් ලෙස waste to energy බලශක්ති බලාගාරය ඉදි වෙනවා.

මම නගරාධිපතිනය වූ දා සිටම මෙම ව්‍යාපාතියේ ප්‍රගතිය පිළිබඳව අවස්ථා කිහිපයකදීම පැමිණ සොයා බැලුවා. කොළඹ කැලි කසල ප්‍රශ්නයෙන් ජනතාව ඉතාමත් ඉක්මනින් මුදවා ගැනිමයි මාගේ අරමුණ වෙන්නේ.ජනවාරි මස අග සිට කිසිදු මුදලක් වැය නොකර waste to energy ව්‍යාපෘතිය හරහා කැලි කසල ප්‍රශ්නයට විසදුම් ලබා ගැනීමට හැකි වීම පිළිබඳව මා සතුටට පත් වෙනවා.

කැලි කසල බැහැර කිරීමේදී අපි විශාල මුදලක් වැය කරනවා.ඒ අහිංසක ජනතාව ගෙවන බඳු මුදල්.මේ මුදල් ඉතිරි කරගෙන නිවාස නොමැතිව දුක් විදින ජනතාවට නිවාස ලබා  දීමට, සනීපාරක්ෂක පහසුකම් අඩු සුළු වැස්සකටත් යට වන ජනතාවට හිතකර පරිසරක් ලබා දීමටත් ,සියලුම ජනතාවගේ සුභ සාධනය සම්බන්ධයෙන් අවශ්‍ය පහසුකම් සලසා දීමට හැකි පරිසරයන් නිර්මාණය කිරීම අරමුණු කරගෙන තමයි,බලශක්ති බලාගාරයේ ඉදිකිරිම් පිළිබඳව නිරීක්ෂණ චාරිකාවේ යෙදුණේ.

කැලි කසල කියන්නේ සම්පතක්.මෙවැනි බලාගාර මීට වසර 20 කට 30 කට පෙර ඉදි වීමට තිබුණත්, මීට පෙර සිටි රජයවල් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර නැහැ.පෞද්ගලික අංශය මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සමස්ථ රටේම ප්‍රගතියට බලපානවා.ලෝකයේ බොහෝ රටවල් කැලි කසල වලින් විවිධ ප්‍රයෝජන ගන්නවා. ඔවුන් බලශක්තිය නිපදවීමට වගේම පාරවල් සෑදීම සඳහාත් උපයෝගී කර ගන්නාවා. ලංකාව පුරාම මෙවැනි බලාගාර 4 ක් ඉදි කිරීමට හැකි වුවහොත් රටක් ලෙස අපිට විශාල දියුණුවක් අත් කර ගැනීමට හැකි වෙනවා.

මේ අවස්ථාවේදී මං කියන්න ඕන.වසර 25 කට පෙර පැවති රණසිංහ ප්‍රේමදාස යුගයක් නැවත ඇති වීම පිළිබඳව මා සිටින්නේ ඉතිමත් සතුටින්.ජනාධිපතිවරණයේදී නිතරඟයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති බවට වෙනවා.එතුමන් එතුමන්ගේ පියාණන් මෙන්ම දුප්පත් ජනතාව වෙනුවෙන් ලැදිව කටයුතු කරන පුද්ගලයෙක්.මාත් සමඟ බිම් මට්ටමේ සිටින ජනතාව මැතිවරණ ව්‍යාපාරය අතට අරන් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිපත්ති ගරුක ,දුප්පතුන්ගේ අවශ්‍යතාවයන් හදුනාගෙන කටයුතු කරන නායකයෙක්. එතුමන් උසස් අධ්‍යාපනයක් ලබා ඇති ,රටේ ආර්ථිකය ශකිතිමත් කල හැකි පුද්ගලයෙක්.එක හා සමානව සංහිඳියාවෙන් සියලුම ජනතාවට එකට ජිවත් වීමට අවශ්‍ය කරන පරිසයක් නිර්මාණය කර දෙන බුදුධිමත් ජනහිතවාදී රාජ්‍ය නායකයෙක් ලෙසයි මා එතුමන්ව දකින්නේ.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය නගරාධිපති එම්.ටී.එම්.ඉක්බාල් මහතා,ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක යූ.එල්.ටයිටස් පෙරේරා මහතා, පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන්,මන්ත්‍රීවරියන් ඇතුළු ආයතන ප්‍රධානින් සහභිගී විය.

Make a Comment
Make a Comment