කොළඹ අහසත් කළු වෙයි - මහා වැස්සක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්


157 Views

ඉදිරි පැය 24 ක කාලය තුළ දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200 ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාවලටද මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවටයි ඔවුන් නිවේදනය කළේ.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අනිද්දා දක්වා තවදුරටත් පවතිනු ඇති.

මේ අතර නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් ගං වතුර මට්ටමට ඉතා ආසන්න බැවින් ඒ අවට සිටින ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.





මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කවලට නායයෑම් අවදානම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, දොඩංගොඩ, ඉංගිරිය, මතුගම, පාලින්ද නුවර මෙන්ම වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙලෙස නායයෑම් අවදානම පවතින බවයි.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සඳහාත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, ඉමදූව, නාගොඩ, නෙළුව, නියාගම, තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහාත් මෙලෙස නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

Make a Comment
Make a Comment