අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට කටුවනදී වෙඩි තබයි


70 Views

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට කටුවන - හොරේවෙල මංසන්ධියේදී පොලීසිය වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ගවයෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමේදී මෝටර් රථයක් නවත්වන ලෙස සංඥා කර ඇති අතර, එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඊයේ පස්වරුවේ එහි රෝදයකට වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එහිදී මෝටර් රථය තුළ සිටි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් දෙදෙනෙකු පලාගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදි අනාවරණ වී ඇත්තේ මොවුන් සොරකම් කරන ලද ගවයා මාතර ප්‍රදේශයට ප්‍රවාහනය කර නැවත පැමිණෙමින් සිට ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීඇල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

Make a Comment
Make a Comment

  Related News