සුශාන්ත් විවාහ වෙන්නට තිරණය කරයි


188 Views

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව අලලා නිර්මාණය වූ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ දුන් සුශන්ත් සිං රාජ්පුත් මේ වනවිට විවාහ වීමට තිරණය කර ඇතැයි වාර්තා වේ. බොලිවුඩ් ටෙලි නාට්‍යය හා සිනමා නිළියන් කිහිප දෙනෙකුටම පෙම් කළ සුශන්ත් මෙසේ විවාහ වීමට තිරණය කර ඇත්තේද නවක බොලිවුඩ් සිනමා නිළියක් වූ රිහා චක්‍රබෝර්ති සමගය.

කිසිදාක ඉන්දීය චිත්‍රපටයකින් හෝ ටෙලි නාට්‍යයකින් මොවුන් දෙදෙනා එකට රංගනයෙන් දායක වී නොමැති අතර, සුශාන්ත් හා රිහාගේ ආදර සම්බන්ධය කෙසේ ගොඩනැගුණාද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වී ඇත. කෙසේ වෙතත්, ලැබෙන ආරංචි වලට අනුව රිහා හා සුශන්ත් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වී ඇත්තේ මෑතකදී බව සඳහන් වේ. මීට පෙර ඔහු ජනප්‍රිය නිළියන් වූ අන්කිතා ලොකන්ඩ්වාලා හා ක්‍රිති ෂැනොන් සමගින් ප්‍රේම සම්බන්ධතා පවත්වා තිබුණි.

Make a Comment
Make a Comment

  Related News