ඉන්දියාවේ ධූලේ නගරයේ රිය අනතුරකින් 13 දෙනෙකු මරුට


56 Views

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ධූලේ නගරයේ නිම්ගුල් ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

බස් රථයක් සහ කන්ටේනර් ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. 

අනතුරින් තවත් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, ඉන් 8 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවනවා.

 

Make a Comment
Make a Comment

  Related News