ගෝඨාට කරුණාගේ සහය


74 Views

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කිරීමට හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් නිදහස් පෙරමුණ තීරණය කර තිබෙනවා.

මඩකලපුවේ ඊයේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ. 

මේ අතර තම කණ්ඩායමෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ අපේක්ෂකයා නිවැරදි තේරීමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කළා. 

ඔහු මේ බව කියා සිටියේ බණ්ඩාරගම දිසා රෝහලේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

Make a Comment
Make a Comment

  Related News