ඇමරිකානු කොංග්‍රස් සභික කාන්තාවන්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම්


164 Views

පලස්තීන සම්භවයක් සහිත ඉල්හාන් ඕමාන් සහ සෝමාලි සංක්‍රමණික රෂීඩා ටායිබ් යන ඇමරිකානු කොංග්‍රස් සභිකවරියන්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. ඔවුන් ඉදිරි සතියේ පලස්තීන බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසෙලමේ සංචාරය කිරීමට නියමිතව තිබුණා.

කෙසේ නමුත්, ඔවුන්ට ඊශ්‍රායලට ඇතුළුවීමට ඉඩ දෙන්නේ මන්දැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රශ්න කළා.

ඉල්හාන් ඕමාන් සහ රෂීඩා ටායිබ් ඊශ්‍රාලයට සහ යුදෙව් ජනතාවට එරෙහි අය ලෙසයි ජනපති ට්‍රම්ප් හැදින්වූයේ.

කෙසේ නමුත්, ඔවුන් දෙදෙනාම ට්‍රම්ප් ජනාධිපතිවරයා සමඟ දැඩි වාග් සංග්‍රාමයකට එළඹුණු අතර වරෙක ඔවුන්ට තමන් පැමිණි රටවලට යන ලෙස ජනපති ට්‍රම්ප් කියා සිටියා.

Make a Comment
Make a Comment