සුපිරි බොලිවුඩ් විද්‍යා බාලන් හදිසියේම චිත්‍රපට නිෂ්පාදනයට ආ හේතුව


73 Views

සුපිරි බොලිවුඩ් නිළි විද්‍යා බාලන් ඔන්න හදිස්සියේම කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න පටන් අරගෙන කියලා තමයි ආරංචිය. ඒකෙ නම “Natkhat“. මේ සුබ ආරංචිය තමන්ගේ ප්‍රේක්ෂකයන්ට කියන්න විද්‍යා ඔන්න අද තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට පණිවිඩයක් එකතු කරලා තියනවා දකින්න ලැබුනා.  

බොලිවුඩ් නිලියක් විදිහට විද්‍යා තමන්ගේ පළමු කෙටි චිත්‍රපටය නිෂ්පාදනය කළා වගේම ඒ ගැන තමන් බොහොම සතුටින් පහුවෙනවා කියලත් විද්‍යා ඒකෙ මෙන්න මේ විදිහට කියලා තියනවා.

තමන් කිසි දිනක නිෂ්පාදකවරියක් වීමට සැලසුම් කරලා තිබුනෙ නෑ වගේම Annukampa Harsh සහ Shaan Vyas විසින් රචිත මේ අපූරු කතා තේමාව තමන් ඒ දෙසට තල්ලු කළා කියලත් විද්‍යා කියනවා.

තමා “නිෂ්පාදකවරයකු වීමට සැලසුම් කර නැති නමුත් අන්නුකම්පා හර්ෂ් සහ ෂාන් වියාස් විසින් රචිත කථාව මාව එම දිශාවට තල්ලු කළා” යැයි විද්‍යා බෙදාහදා ගත්තාය.

පළමු වරට නිෂ්පාදකවරියක් වීම පිළිබඳ සිය අත්දැකීම් බෙදාහදා ගන්නා විද්‍යා පවසන්නේ  “එය අධ්‍යක්ෂක Shaan Vyas සහ ඔහුගේ කණ්ඩායම සමඟ වැඩ කිරීම අලුත් සහ වටිනා අත්දැකීමක් රැසක් ගෙන දුන්නක් බවත් Ronnie Screwvala සමඟ මෙම සුන්දර හා ප්‍රබල කතාව සමඟ හවුල් වීමට ලැබීම ඉතා සතුටට කාරණයක් බවයි. ඒ විතරක් නෙමෙයි ඒ අපූරු අත්දැකීම ආදරණිය ප්‍රේක්ෂකයන් සමග බෙදාගන්නා තෙක් තමන්ට ඉවසිල්ලක් නැති බවත් ඇය පවසනවා.

Make a Comment
Make a Comment

  Related News