ආණ්ඩුවේ ඇතැමුන්ගේ උත්සාහයක් එස්.බී. හෙළිකරයි


80 Views

බෞද්ධ ජනතාව ප්‍රකෝප කරමින් ආණ්ඩුවේ ඇතමුන් ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. 

මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, එහිදී ඔහු කියා සිටියේ මංගල සමරවීර අමාත්‍යවරයාගෙන් පසුව රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා භික්ෂූන් වහන්සේට සහ බෞද්ධකම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කළ බවයි. 

රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය ඔහුගේ වුවමනාවට සිදුකළ දෙයක් නොවන බව ද එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා

Make a Comment
Make a Comment