
කලගෙඩිහේනේදී, වෑන් රථයකට පහරදීමේ සිද්ධියට භාර වූ තවත් අයෙක් අත්අඩංගුවට
Saturday, 20 July 2019 - 14:29

කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණ වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාශයට භාර වීමෙන් අනතුරුවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඔහු කළුතර - කිතුලාව - ලාගෝස්වත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ දිනයේ ද දෙදෙනෙකු අත්ඩංගුවට ගත් අතර, ඔවුන් අද පස්වරුවේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ දිනයේ කොළඹ අපරාධ කොට්ඨාශයට භාර වීමෙන් පසු එලෙස අත්අඩංගුවට ගනු ලැබූ දෙදෙනාගෙන් එක් අයෙක් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වන අතර, ඔහු මතුගම පදිංචි 45 හැවිරිදි ගාමිණී විජේසූරිය නැමැත්තෙක්.
අනෙක් පුද්ගලයා 32 හැවිරිදි අරලගංවිල පදිංචි සුසන්ත බණ්ඩාරයි.
එමෙන්ම, මහරගම - ඇල්හේන පාරේ පිහිටි නිවසක තිබී සිද්ධියට සම්බන්ධ CAD - 8850 අංකය දරණ ඩිෆෙන්ඩර් රථය ද පොලිස් භාරයට ගෙන තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් ඊයේ කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දෙනු ලැබුවා.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් සහ ජිප් රථයකින් පැමිණි පිරිස කලගෙඩිහේන ප්‍රදේශයේදී අදාළ වෑන් රථයට පහරදී තිබුණේ ඔවුන්ට මාර්ගයේ ඉඩ ලබා නොදුන් බව පවසමින්.
වෑන් රථයට පහරදීමෙන් පසු එම පිරිස, CAG - 0550 අංකය දරණ ලෑන්ඞ් කෲසර් ප්‍රාඩෝ රථයෙන් හා CAD - 8850 අංකය දරණ ඩිෆෙන්ඩර් රථයෙන් පලාගොස් තිබුණා.
අදාල අංක හිමි ජිප් රථවල හිමිකාරිත්වය පිලිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ අතර එහිදී අනාවරණ වුණේ CAG - 0550 අංකය දරණ ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ රථයේ අංක 37, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග යන අයට අයත් බවයි.
ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන අතර, නීතිඥවරයෙකු සහ ගණිතඥයෙකු මෙන්ම නීති විද්‍යාල ප්‍රවේශය, පරිපාලන සේවා විභාග, බැංකු විභාග ආදී සඳහා වැඩමුළු පවත්වන පුද්ගලයෙකු ද වනවා.
එමෙන්ම, CAD - 8850 අංකය දරණ ඩිෆෙන්ඩර් රථයේ වත්මන් හිමිකරු වන්නේ අංක 34, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංග යන අයයි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම පහරදීමේ සිද්ධියේ සී සී ටී වී දර්ශනවල සිටින සියලූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
Related News

කාලගුණයෙන් රතු නිවේදනයක්
06 December 2019 - 9:57 am
/ Share
29 Views

වහාම ක්‍රියාත්මක වන පරිදි කසළ ප්‍රති - අපනයනය තහනම් කෙරේ
06 December 2019 - 9:56 am
/ Share
51 Views

මාලදිවයින් විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි
06 December 2019 - 9:54 am
/ Share
34 Views