
තැපැල් සේවකයන් යළි, වර්ජනයකට සැරසේ
Saturday, 20 July 2019 - 11:01

බඳවාගැනීම්, උසස්වීම් සහ වැටුප් තල අහිමි කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයට විසඳුම් නොලැබුණහොත් ඉදිරි සතියේ සිට දිවයින පුරාම අඛන්ඩ වැඩවර්ජනයක් යළි දියත් කරන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.
මෙම ගැටලූව මුල් කර ගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ සියලූ සේවකයින් පසුගිය 16 වනදා පස්වරු 4 සිට පැය 48ක් වර්ජනයේ නිරත වුණා.
ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ මේ වනවිටත් තැපැල් සියලූ වෘත්තිය සමිති වර්ජනයකට එකඟතාව පළ කර ඇති බවයි.
මේ අතර, ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද මෙම ගැටලූව සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.
රජය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ ඉදිරි සතිය තුළ මෙම ගැටලූව විසඳීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවයි
Related News

කාලගුණයෙන් රතු නිවේදනයක්
06 December 2019 - 9:57 am
/ Share
29 Views

වහාම ක්‍රියාත්මක වන පරිදි කසළ ප්‍රති - අපනයනය තහනම් කෙරේ
06 December 2019 - 9:56 am
/ Share
45 Views

මාලදිවයින් විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි
06 December 2019 - 9:54 am
/ Share
33 Views