නිධන් හාරමින් සිටි දෙදෙනෙකු මොණරාගල දී අත්අඩංගුවට


88 Views

මොණරාගල - වැලියාය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසළ නිධන් හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන ඔවුන් දින ගණනාවක සිට එහි කැණීම් සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

34 හැවිරිදි සහ 52 හැවිරිදි වියේ පසුවන ඔවුන් අද මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Make a Comment
Make a Comment