
ට්‍රම්ප් පසුබසී
Friday, 12 July 2019 - 9:35

ලබන වසරේ පැවැත්වෙන ඇමරිකානු ජන සංගණනයේදී තමන් ඇමරිකානු පුරවැසියෙක් ද යන ප්රශ්නය ඊට ඇතුළත් කිරීම අවශ්‍ය නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
1950 වසරේ සිට මෙතෙක් පැවති කිසිදු ඇමරිකානු ජන සංගණනයකදී ඉදිරිපත් නොවූ එම ප්රශ්නය මෙවර ඇතුළත් කිරීමට ජනපති ට්‍රම්ප් උත්සාහ කළ ද ඊට එල්ල වූයේ දැඩි විරෝධයක්.
එය සංක්‍රමණිකයන්ට එරෙහි පියවරක් ලෙසයි ඇතැමුන් හැදින්වූයේ.
එමෙන්ම, අධිකරණය මගින් ද එය අභියෝගයට ලක් කෙරුණු අතර එමගින් ජන සංගණනය පමාවීමේ අවදානමක් ද පැන නැගුණා.
කෙසේ නමුත්, සංක්‍රමණයින් පිළිබද තොරතුරු රජයේ ආයතන හරහා එක් රැස් කිරීමට ජනපති ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.
එමෙන්ම, නීතිවිරෝධී සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ජනපති ට්‍රම්ප්ගේ නියෝගයෙන් සැලසුම් කෙරෙන බව ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණ කළා.
Related News

සෞදි පුහුණු ගුවන් නියමුවන්ට ඇමරිකාවෙන් තහනමක්
11 December 2019 - 3:34 pm
/ Share
95 Views

සුඩානය ගැන අරාබි පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක්
25 November 2019 - 3:50 pm
/ Share
91 Views

තුර්කියෙන් සිරියාවට ගුවන් ප්‍රහාර
10 October 2019 - 8:31 am
/ Share
94 Views