ජනපති සහ මුස්ලිම් රටවල තානාපතිවරු අතර හමුවක්


79 Views

මැතිවරණ ඉලක්ක කරගනිමින් රටේ ජන කොටස් අතර නොසන්සුන්තාවක් ඇතිවන වෛරී ප්‍රකාශ ඇතැම් දේශපාලනඥයන් සිදුකළද රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙල රාජ්‍ය නායකයා ලෙස තමන් ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මුස්ලිම් රටවල් එකමුතුවේ සාමාජිකත්වය ලබා සිටින මුස්ලිම් රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ හමුවූ අවස්ථාවේදියි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවට මෙම රටවල් ලබාදුන් සහයෝගය සහ දායකත්වය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය ස්තූතිය පුදකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම ඉදිරියටත් රටට ආර්ථීක ආධාර අඛණ්ඩව ලබාදෙන ලෙසත්, ශ්‍රී ලංකාවට පැමිණීමේදී සංචාරකයන්ට පනවා ඇති බාධා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා මුස්ලිම් රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.

Make a Comment
Make a Comment