අනතුරකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට


123 Views

මීගමුව - කොළඹ මාර්ගයේ වත්තල - ඔලියමුල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මාර්ගයේ නවතා තිබූ පොලිස් ජීප් රථයක දකුණු පස දොරටුව විවෘත කරනවාත් සමඟ පිටුපසින් පැමිණි පාපැදිකරුවෙකු ජීප් රථයේ දොරේ වැදී කොළඹ දෙසට ගමන් කරමින් තිබූ කැබ් රථයකට යටවී මියගොස් ඇති බවයි.

ඊයේ සිදුවූ මෙම අනතුරින් පසුව පොලිස් ජීප් රථයේ සිටි පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව කැබ් රථයේ රියදුරුද පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

Make a Comment
Make a Comment