මෙවර ලෝක කුසලාන තරඟාවලියේ නවසීලන්ත කණ්ඩායමේ අපරාජිත වාර්තාව පාකිස්ථානය උදුරා ගනී


120 Views

ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ඊයේ පැවැති නවසිලන්ත සහ පාකිස්ථානය අතර පැවැති තරඟයෙන් පාකිස්ථානය කඩුලු 6ක පහසු ජයක් ලබා ගැනීමට සමත්වුණා.

බ්ර්නින්හැම් හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසිලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමයි.

කෙසේ වෙතත් තරඟයේ පළමු පන්දුවාර 10 අවසන් වන විට නවසීලන්තයේ ප්‍රබල කඩුලු 3කට ක්‍රීඩාගාරයේ අසුන් වෙන් කර තැබීමට පාකිස්ථාන කණ්ඩායමේ වේග පන්දු යවන බල ඇණිය සමත් වුණා.

පන්දුවාර 26යි පන්දු 3කදී නවසිලන්ත ඉනිමේ ලකුණු 83කට කඩුලු 5ක් බිඳ වැටි තිබුණා.

බිඳ වැටුණු නවසිලන්ත ඉනිම ගොඩනැගීමට ජිමි නිෂම් සහ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 132ක ශතක සබඳතාවක් පැවැත්වීමට සමත් වුණා.

පන්දුවාර 50 අවසානයේ නවසීලන්තය කඩුලු 6කට ලකුණු 237ක් ලබා ගත්තා.

නවසීලන්තය වෙනුවෙන් ජිමි නිෂම් නොදැවී ලකුණු 97ක් සහ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වුණා.

පාකිස්ථානය වෙනුවෙන් ෂයින් අෆ්රිඩි කඩුලු 3ක් බිඳ හෙළීමට හැකි වුණා.

පන්දුවාර 49යි පන්දු 1කදී ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායමට සමත් වුණා.

පාකිස්ථානය වෙනුවෙන් බාබර් අසාම් නොදැවී ලකුණු 101ක් ලබා ගත් අතර ඊට හතරේ පහරවල් 11ක්ද ඇතුලත් වුණා.

මෙම තරඟය ජයගැනීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් පාකිස්ථානය කණ්ඩායමට හැකි වනවා.

Make a Comment
Make a Comment