කංජිපානි ඉම්රාන් තවත් දින 90 ක් රඳවාගැනීමේ සූදානමක්


105 Views

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් තවත් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ අවසර ලබාගැනීමට බලාපොරොත්තු වන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, මහේස්ත්‍රාත් නිරීක්ෂණය සඳහා සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා හමුවට ඉදිිරිපත් කළ අවස්ථාවේදියි.

සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ලබාදුන් දින 90 ක කාලය අදින් අවසන් වන අතර, ඒ අනුවයි තවත් දින 90 ක් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපේක්ෂා කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කර ඇත්තේ.

Make a Comment
Make a Comment