බදුල්ල, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලට පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි


60 Views

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනය තුල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

බදුල්ල, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

එම දෙපාර්තමේන්තුව අද (25) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ උතුරු මැද සහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවයි.


Make a Comment
Make a Comment