වැලිකන්දේ අලි මෙහෙයුම


49 Views

වැලිකන්ද ප්‍රදේශයේ සැරිසරමින් නිවාස සහ දේපල රැසකට හානි සිදුකළ වන අලියෙක් පසුගිය 23 වනදා අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ නැගෙනහිර පළාත් අලි ඇල්ලීමේ කණ්ඩායම, පොළොන්නරුව සහ වැලිකන්ද වනජීවි නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී වැලිකන්ද, කටුවන්විල ප්‍රදේශයේදී මෙම සත්වයා අල්ලා ගැනීමට හැකිවූ බවයි.

මෙලෙස අල්ලා ගත් වයස අවුරුදු 25ක් පමණ වන මෙම සත්වයා හොරොව්පතාන අලි රැඳවුම් මධස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.



Make a Comment
Make a Comment