දෙහිවල දී ව්‍යාපාරිකයෙකු, වෙළඳසැල තුළම ඝාතනය කරයි


164 Views

දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය හිමිකරුවෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ දෙහිවල ගුවන් පාලම ආසන්නයේ ඇති වෙළඳසැලක හිමිකරුවෙකු ඊයේ පස්වරුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

වෙළදසැලේ ප්‍රධාන දොරටුව අඩක් වසා 63 හැවිරිදි මොහු පුටුවක නිදාගෙන සිටියදී කිසියම් පුද්ගලයෙකු ඊට ඇතුළු වී තිබෙනවා.

මෙම පුද්ගලයා වෙළදසැල් හිමියා එහි සිටිනු දැක කලබලයට පත්වී හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු මුදල් සොරකම් කිරීමේ අරමුණින් වෙළදසැලට ඇතුළු වී ඇති බවයි පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

ඝාතනය සිදුවන ආකාරය සහ සැකකරු වෙළදසැලට ඇතුළු වන අයුරු සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී ඇති අතර ඒ ඔස්සේ පොලීසිය පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Make a Comment
Make a Comment