විශ්‍රාමික පියා සහ 19 හැවිරිදි දියණිය රෝහල් ගතකළ බිබිල - මොණරාගල මාර්ගයේ අනතුර


201 Views

බිබිල - මොණරාගල මාර්ගයේ උඩුබුබුල ප්‍රදේශයේදී ස්කැමල් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන්  සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ විශ්‍රාමික ගුරුවරයෙක් සහ ඔහුගේ 19 හැවිරිදි දියණිය බවයි අප වාර්තාකරු සදහන් කළේ.

තුවාල ලැබූවන් බිබිල මූලික රෝහලවෙත ඇතුලත්කර ඇති අතර දෙදෙනාගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

ස්කැමල් රථයේ වේගය පාලනයකර ගැනීමට නොහැකිව යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ගුරුවරයා තම දියණිය උපකාරක පන්තියකට රැගෙනයන අවස්ථාවේදී මෙම අනතුරට මූහුණ පා ඇති අතර ස්කැමල් ට්‍රක් රථය ත්‍රිකුණාමලයේ සිට මත්තල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ බවයි වාර්තා වන්නේ.

ට්‍රක් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර බිබිල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.




Make a Comment
Make a Comment