ගැටළුවලට විසදුම් නැහැ - මන්ත්‍රී බන්දුල


156 Views

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජනතාවට මුහුණපෑමට සිදුව ඇති ගැටළුවලට විසඳුම් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

එකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

මේ අතර, ජාතික නිදහස් පෙරමුණ ද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කියා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරය වැළැක්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් රහස් පොලීසිය කරුණු අනාවරණ කළ යුතු බවයි.

Make a Comment
Make a Comment