ගාල්ල ඒ.එස්.පී.ගෙන් මාතර එස්.පී.ට එරෙහිව පැමිණිල්ලක්


212 Views

ගාල්ල සහකාර පොලිස් අධිකාරීවරයාගේ නිළ නිවාසයට අනවසරයෙන් ඇතුළු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

ඒ, එම නිළ නිවාසයට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් මාතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයාට එරෙහිව ගාල්ල සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ලද පැමිණිල්ලකට අනුවයි.

තමන් මීගමුව - කටුවාපිටිය ප්‍රදේශයේ විශේෂ රාජකාරීවල නිරතව සිටි අවස්ථාවේදී මාතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයා විසින් මෙලෙස තම නිළ නිවාසය අත්පත් කරගෙන ඇති බවටයි ඔහු එම පැමිණිල්ලෙන් සඳහන් කර ඇත්තේ.

Make a Comment
Make a Comment