
ඩුබායි අනතුරින් ඉන්දීය නිරූපිකාව මරුට
Wednesday, 12 June 2019 - 8:14

ඩුබායි නගරයේ සිදු වූ බස් රථ අනතුරින් ඉන්දියානු ජාතිකයින් 08 දෙනකු ඇතුලුව මගීන් 17 දෙනකු මිය ගිය බව එරට පොලීසිය තහවුරු කරයි. ඒ අතර ඉන්දීය මෝස්තර නිරූපිකාවක ද වන බව වාර්තා වේ.
රොෂ්ණි මූල්චාන්දනී නම් ඇය ගල්ෆ් පුවත් හි සීමා වාසික සේවිකාවක ලෙස සේවය කර ඇති අතර ජුමෙයිරාහ් හි සුඛෝපබෝගී හෝටලයක අලෙවි අංශයේ සේවය කරමින් සිටියදී මෙම අනතුරට ලක් වී තිබේ.
මගීන් 31 දෙනකු ගමන් ගත් මෙම බස් රථය ඕමානයේ ලියාපදිංචි වාහනයක් බවත් එය ෂෙයික් මොහමඩ් බින් සයිද් පාරේ දී අනතුරට ලක් වූ බවත් වැඩි දුරටත් සඳහන් වේ. පනස් හැවිරිදි වියේ පසු වන බස් රථයේ රියදුර සුළු තුවාල සහිතව රෝහල් ගත කර තිබේ.
මේ අතර අනතුරින් මිය ගිය මගීන් ගේ පවුල් වල සාමාජිකයින් වෙත ශෝකය ප්රකාශ කරමින් ඩුබායි පොලීසිය සිය නිල ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් ද සටහන් කර ඇත. මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කර නැති අතර ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව පොලීසිය පවසයි.






Make a Comment
Make a Comment
Related News

පළමු වරට විශ්ව රූ රැජිණ තරඟයට ගිහින්, සියල්ලන් පුදුම කළ සමලිංගික යුවතිය SWE ZIN, ලෝකෙටම ඇහෙන්න කියපු සංවේදී කතාව
11 December 2019 - 3:36 pm
/ Share
52 Views

බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් 77වන උපන්දිනය සමරයි
11 October 2019 - 10:57 am
/ Share
273 Views

නිව්යෝක් ගිය ප්රියංකා අන්තර්ජාලය උණුසුම් කරයි -[Photos]
08 October 2019 - 12:53 pm
/ Share
251 Views