මගේ ජීවිතේට සිදුවුණූ හැමදේම ජීවිතේට එකතු වුණු විශාල අත්දැකීම්


497 Views

නෙහාරා කාලෙකට පස්සේ ලංකාවට ඇවිදින් මේ කරන්න යන අලුත් වැඩේ මොකක්ද?

අවුරුදු තුනකට පස්සේ ගිය අවුරුද්දේ අග තමයි මම ලංකාවට ආවේ. මේනක නම් ආව ගමන් ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ පටන් ගත්තා. ඒත් මම හිතුවා කාලෙකින් වැඩ කරන්න පටන් ගනිද්දී මතක හිටින දෙයක් කරන්න ඕනේ කියලා.

 ඔබේ ජීවිතේ වැරදුනු තැන් ඇත්තේම නැද්ද?

ඉපදුණු දවසේ ඉඳලම මම හරිම වාසනාවන්තයි කියලයි මට හිතෙන්නේ. ඒකනේ ගොඩක් අඩු වයසෙන් ක්ෂේත්‍රයට ඇවිත්, එකම එක නිර්මාණයකින් මේ තරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් මට දිනා ගන්න පුළුවන් වුණේ. අද මේ විදියට විනිසුරු පුටුවක වාඩිවෙන්න ලැබෙන්නෙත් ඒ වාසනාව නිසයි. හැබැයි මටත් ජීවිතේ වැරදුණු තැන් තියෙනවා. ඒ කිසිම දෙයක් ගැන සෘණාත්මකව හිතන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ හැමදේම අපට ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව කියලයි. මොනදේ වුණත් මගේ ජීවිතේට සිදුවුණූ හැමදේම ජීවිතේට එකතු වුණු විශාල අත්දැකීම්. මේ විනිසුරු පුටුවත් ඒ වගේ මගේ ජීවිතේට එකතු වුණු  විශාල අත්දැකීමක්.

 අම්මලාගේ බබාලාගේ දක්ෂතා දැකලා නෙහාරාටත් ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න හිතේවිද?

ඒ දේවල් වෙන්න ඕනෑ වෙලාවට සිද්ධ වේවි. මොකද අවුරුදු ගාණකින් ලංකාවට ඇවිත් තවම මම ක්ෂේත්‍රය වෙනුවෙන් දෙයක් කරන්න හිතුවා විතරයි. ඉතින් දැන්ම බබෙක් ගැන හිතලා වැඩ කටයුතුවලට බාධාවක් කර ගන්න මම කැමැති නැහැ. එහෙම වුණොත් නිර්මාණකරුවන් අපි නිසා ලොකු අපහසුවකට පත්වෙනවා. ඒ නිසා ඒ හැමදේම හිතලා තමයි කවදා හරි දවසක අපි දරු පැටියෙක් ගැන හිතන්නේ.

තමාරා කල්හාරි
Image may contain: 1 person, smiling
Image result for Nehara Peiris


Make a Comment
Make a Comment

  Related News