සුපිරි හින්දි නිළියන්ගේ හොඳම බිලියනපතිනියන් දස දෙනා මෙන්න


364 Views

සිනමා ක්ෂේත්‍රයේ තරුවක් වීම ලෙහෙසි පහසු කට‍යුත්තක් නොවේ. එසේ වුවත් බොලිවුඩයේ තරුවක්, තාරකාවියක් වීම ඊටත් වඩා අපහසු කට‍යුත්තක්. ඒ වගේම ඒ තරු දායක වන රංගනයන්ට ඔවුන්ට ලැබෙන මුදලද ඉතා ඉහළ අගයක්. බොලිවුඩයේ පොහොසත්ම නිළියන් දස දෙනාගේ වත්කම් දැන ගන්නට බොලිවුඩය ගැන උනන්දුවක් දක්වන සියල්ලන්ම කැමති වෙනවාට සැක නැහැ.

හැමෝම බලාගෙන ඉන්නව ඇති කවුද මේ බොලිවුඩයේ පොහොසත්ම සුපිරිම නිළිය කියල දැන ගන්න.

ඒ තමයි "ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් දිනාගෙන තියෙන, "ඕම් ශාන්ති ඕම්" චිත්‍රපටිය තුළින් රසික හදවත් ඇඳ බැඳ ගත් සුපිරි නිළි දීපිකා පදුකෝන්. දීපිකා මේ තැනට අද ඇවිත් තියෙන්නෙ ඇගේ තියෙන දක්ෂකම, කැපවීම නිසා තමයි. අද වෙනකොට ලෝකයේම අවධානය දිනාගත් දීපිකා ඇමරිකානු ඩොලර් මිලියන හැට පහක එහෙමත් නැතිනම් රුපියල් බිලියන 11.49 ක වත්කමක හිමිකාරියක්.

ධනවත්ම බොලිවුඩ් නිළියන් අතරින් දෙවැනි තැන හිමි කරගෙන තියෙන්නේ බොලිවුඩයේ රූමත්ම නිළියක් වන කරීනා කපූර්. ඇගේ චිත්‍රපටි රංගනයෙන් ලද ආදායම සහ වෙලඳ දැන්වීම්වලින් ඉපයූ ආදයම නිසා තමයි ඇය මෙතරම් ධනස්කන්දයකට හිමිකම් කියන්නේ. ඇගේ හිමිකාරිත්වය ඇමරිකානු ඩොලර් මිලියන හැටක්. ඒ කියන්නෙ රුපියල් බිලියන 10.61 ක්.

මෙම ලැයිස්තුවේ තුන් වැනි තැනට පත් වෙලා ඉන්නේ කත්‍රිනා කයිෆ්. ඇය තුන් වැනි තැනට පත් වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 57 (රුපියල් බිලියන 10.08) ක ශුද්ධ හිමිකාරිත්වයක් එක්ක ඉතින් මේ ජනප්‍රිය නිළි කත්‍රිනා කයිෆ් Tiger Zinda Hai, Singh is King, Race, Ek Tha Tiger වගේ චිත්‍රපටිවලින් රසික හදවත් දිනා ගන්නට සමත් වෙලා තියෙනවා.

හතර වෙනි තැනත් ඉන්නේ ලෝක රූ රැජිණක් ඒ තමයි වර්ෂ 1994 ලෝක රූ රැජිණ කිරුළ පලඳින අයිශ්චර්යා රායි බච්චන් ඉන් අනතුරුව බොලිවුඩය ජය ගන්නා ඇය "ඉරුවාර්", "ඩූම් 2" ආදී විශාල චිත්‍රපට ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දී ඇත. ඉතින් ඇය මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන තිස් පහක (රුපියල් බිලියන 6.19) හිමිකාරියක්.

මේ ලැයිස්තුවේ පස්වෙනි තැන හිමි කරගෙන ඉන්නෙ ලෝක රූ රැජිණක් වන ප්‍රියංකා චොප්රා. අද වන විට බොලිවුඩයෙන් එහා ජාත්‍යන්තර සිනමාවද ජයගෙන තියෙන මෙයා අදටත් සිනමාව තුළ නොමැකෙන සලකුණක් තබමින් සිටින සුපිරිතම නිළියක්.ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන විසි අටක් (රුපියල් බිලියන 4.95) කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

"Dirty Picture" චිත්‍රපටය තුළින් රසික හදවත් තුළට වඩාත් ලං වූ විද්‍යා බාලන් යනු බොලිවුඩය ජයගත් තවත් එක් තාරකාවියක්. ඇගේ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන විසි හතක් ඒ කියන්නෙ රුපියල් බිලියන 4.77 ක්, කියල තමයි ආරංචි ඉතින් මෙයාට හිමි වෙන්නෙ මේ ලැයිස්තුවේ හය වැනි තැන තමයි.

ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කොලිගේ බිරිඳ වන අනුශ්කා ෂර්මාද මේ ලැයිස්තුවේ පසුවන්නේ ඒ හත් වැනි ස්ථානයේ. නිරූපණ ක්ෂේස්ත්‍රයෙන් රංගන ක්ෂේස්ත්‍රයටත් ඉන් අනතුරුව නිෂ්පාදිකාවක් හැටියටත් කටයුතු කරන රූමත් අනුශ්කා මේ ලැයිස්තුවේ හත්වන තැනට පත් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 25 ක (රුපියල් බිලියන 4.42) හිමිකාරිණියක් ලෙසයි.
 
සොනක්ෂි සිංහා තමයි මේ ධනවත් සුරූපිණියන් අතර අට වැනි තැන දිනාගෙන ඉන්නෙ ඉතින් ඇය Dabaang, Dabaang 2, Rowdy Rathore, Akira, Noor වගේ චිත්‍රපටි ත් ඒ වගේම ප්‍රචාරක දැන්වීම්වලත් පෙනී ඉඳල මෙච්චර ධනවත් වුණා කියල තමයි ආරංචි. කොහොම වුණත් දැන් ඇය ඇමරිකානු ඩොලර් මිලියන 20 (රුපියල් බිලියන 3.5) ක හිමිකාරිණියක්.

කන්ගනා රනාවුට් කියන්නෙ බොලිවුඩයේ නිතර කතා බහට ලක් වෙන චරිතයක්. ඉතින් මෙයත් මේ ධනවත් ලැයිස්තුවේ ඉන්නවා ඒ නව වැනි තැනට. කන්ගනා රනාවුට් අද වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 15 (රුපියල් බිලියන 2.65) ක හිමිකාරිත්වයක් දරණ ධනවත් නිළියක්. ඇය Tanu Weds Manu, Tanu Weds Manu 2 වැනි චිත්‍රපටවලින් රසික හදවත් අමන්දානන්දයට පත් කළ බොලිවුඩයේ නිළියක්.

සෝනම් කපූර් තමයි මේ ලැයිස්තුවේ දස වෙනි තැන දිනාගෙන ඉන්නේ. ඉතින් බොලිවුඩයේ සුපිරිතම තාරකාවක් වන සෝනම් කපූර් ඉතා දක්ෂ නිළියක්. සුපිරි නළු අනිල් කපූර්ගේ දියණිය වන ඇය තමාට ලැබෙන සියළුම චරිතවලට හොඳ සාධාරණයක් ඉටු කරනවා. ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන දහයක් ඒ කියන්නෙ රුපියල් බිලියන 1.76 ක්.

 

Make a Comment
Make a Comment

  Related News