හෙරොයින් සමඟ අයෙක් තණමල්විල දී අල්ලයි


48 Views

තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ කුඩාඔය, සමඟිපුර ප්‍රදේශයේ දී හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලිසිය සමත්ව තිබෙනවා.

අලෙවි කිරීම සදහා හෙරොයින් පැකට් කරමින් සිටින අවස්ථාවේදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් තුනයි මිලිග්‍රෑම් 400ක් සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය පවසන්නේ. 

හතලිස් පස් හැවිරිදි මෙම සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර තණමල්විල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Make a Comment
Make a Comment