බහින්බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයෙකු මරුට


146 Views

පිලියන්දල - ජඹුරලිය - මඩපාත ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහරදී අයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 40 ක් වන ජඹුරලිය - මඩපාත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

 මෙම පුද්ගලයින් දෙදෙනා ජඹුරලිය ප්‍රදේශයේ පිහිටි පොහොර ගබඩාවක සේවකයින් ලෙස කටයුතු කර ඇති බවයි මූලික පරීක්ෂණලදී අනාවරණ වී ඇත්තේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහු සොයා මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Make a Comment
Make a Comment