පුරාවස්තු සොයා කැණීම් කළ සිව් දෙනෙකු අත්අඩංගුවට


57 Views

මොණරාගල - මරගලකන්ද රක්ෂිතයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු පුරාවිද්‍යා සහ යුද හමුදා නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ. 

කැණීම් සඳහා උපයෝගී කර ගත් උපකරණ කිහිපයක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් මොණරාගල හා කොටියාගල ප්‍රදේශවල පදිංචිකරුවන්.

Make a Comment
Make a Comment