ජනපති යළි දිවයිනට


45 Views

සිය චීන සංචාරය නිමවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලූ දූත පිරිස අද අලූයම යළි දිවයිනට පැමිණියා. 

අලූයම 5.15 ට චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 869 දරණ යානයෙන් මොවුන් ශ්‍රී ලංකාවට පැමිණි බවයි කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර චීනයේ බීජිං නුවරදී ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එරට අග්‍රාමාත්‍ය ලී ක්වෑන්ග් හමුවුණා. 

ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ අනපේක්ෂිත තත්ත්වය පිළිබඳව චීන අග්‍රාමාත්‍යවරයා එහිදී කණගාටුව පළ කර ඇති අතර, ත්‍රස්ත අභියෝගය ජයගැනීමට තම රට සියලූම සහයෝගයන් ලබාදෙන බවටද චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මතුවූ හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශ කටයුතුවලට රුපියල් කෝටි 260 ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එරට රජයට ස්තූතිය පළ කර තිබුණා. 

එමෙන්ම දෙරට අතර ආර්ථීක සහ සංවර්ධන කරුණු රැසක් සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

Make a Comment
Make a Comment