චීනයත්, ඇමරිකානු ආනයනවලට තීරු බදු වැඩි කරයි


173 Views

චීනයෙන් ඇමරිකා එක්සත් ජනපදයට ආනයනය කරනු ලබන ඩොලර් බිලියන 200 ඉක්ම වූ භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බදු පැනවීමට චීනය විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, ඩොලර් බිලියන 60ක් වටිනා ඇමරිකානු භාණ්ඩ සඳහා සියයට 25 දක්වා තීරු බදු පැනවීමෙන්.

ඒ අනුව ඇමරිකාවෙන් ආනයනය කෙරෙන ගව, බැටළු සහ ඌරු මස් මෙන්ම එළවළු, පළතුරු යුෂ, පිසුම් තෙල්, තේ සහ කෝපි වලට ද චීනය බදු වැඩි කරනු ඇති.

මෙය ඇමරිකානු - චීන වෙළද යුද්ධය උත්සන්නවීමක් ලෙසයි සැලකෙන්නේ.

චීනයේ නව පියවර සමඟ ලොව පුරා කොටස් වෙළදපොළ බිද වැටීමක් ඊයේ දක්නට ලැබුණු අතර එහිදී අහිමි වූ කොටස් වටිනාකම ඩොලර් ටි‍්‍රලියනය ඉක්ම වනවා.

Make a Comment
Make a Comment